Feb 21, 2020

එක් අයෙක් සතියකට ප්ලාස්ටික් ග්‍රෑම් 5ක් ආහාරයට ගන්නවාලු Featured

එක් පුද්ගලයෙක් ග්‍රෑම් 5කට සමාන ප්ලාස්ටික් ප්‍රමාණයක් සතියකට ආහාරයට ගන්නා බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කාය විච්ජේදන අධ්‍යනාංශයේ කථිකාචාර්ය සායණික ප්‍රෙව්ණි රෝග පිළිබඳ වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා පවසයි.

ලෝකයේ සිදුකළ පරීක්ෂණ මත ජලයේ වැඩිම මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු යැයි වාර්ථවෙන්නේ ඇමෙරිකාව හා ඉන්දියාව අවට මුහුදෙන් වන බවද ඇමෙරිකාව අවට මුහුදේ සෑම වතුර මිලිලීටර 500කටම 4.8%ක් මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු බව හා ඉන්දියාව ආශ්‍රිත මුහුදේ සෑම වතුර මිලිලීටර 500කම 4%ක අගයක මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු බව සොයාගෙන ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

වසර 2025 වන විට මාලු මෙට්‍රික් ටොන් 3කටම ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 1ක් එනම් 3ට 1 අනුපාතයෙන් මාලු හා ප්ලාස්ටික් තිබෙන බව පර්යේෂකයින් ඇස්තමේන්තු කර තිබේ.

මයික්‍රෝ ප්ලාසිටික් පිළිබඳ ආසන්න වසර තුනක් වැනි කාලයක සිට මෙලෙස අවධානය යොමු වී තිබෙන බවත් එහි භයානක පැතිකඩයන් රැසක් මේවන විට තහවුරු වී ඇති බවද වාර්තා වේ.

මන්නාරම මුහුදේ ප්ලාස්ටික් දෙගුණයකින් ඉහළට

මන්නාරම අවට මුහුදේ අඩංගු මයික්‍රෝප්ලාස්ටික් ප්‍රමාණය අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ අගයක පවතින බව වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා පවසයි.

නෝර්වේ පර්යේෂණ ආයතනයක් වන Institute of marine Research සමඟ එක්වී නාරා ආයතනය සිදුකරන ලද පර්යේෂණයකින් වයඹ මුහුදු තීරයේ ඝන මීටරයකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් 0.89ක් අඩංගු බව සොයාගෙන ඇති බවත් එහි වැඩිම අගය වාර්ථාවන්නේ මන්නාරමෙන් බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.

“නාරා ආයතනය සිදුකළ පරීක්ෂණයක් අනුව අපේ රටේ වැඩිම මයික්‍රෝ ප්ලාස්ටික් අගයක් ලැබී ඇත්තේ වයඹ පළාතෙයි.අනෙක් පලාත් හා සමග බලන විට එය දෙගුණයක්. එම පළාතෙනුත් මන්නාරමේ ඉතා විශාල ලෙස මයික්‍රෝ ප්ලාස්ටික් අන්තර්ගතවී තිබේ. මේ නිසා පොලිතීන් හා ප්ලාස්ට්ක් වර්ග පරිසරයට මුදා හැරීම අවම කළ යුතුයි."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top