Feb 22, 2020

මාර්තුවේදී DIG ගැටුම් උග්‍ර අතට Featured

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවා කාලය ලබන මාර්තු 15 වැනිදා අවසන් වීමෙන් පසුව පුරප්පාඩු වන පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු තරග වදිමින් සිටින බවට පොලිස් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

එළඹෙන මාර්තු 15 වැනිදාට පූජිත් ජයසුන්දර මහතාට වයස අවුරුදු හැට සම්පූර්ණ වේ.

ඒ අනුව මෙතෙක් බැඩබලන පොලිස්පති තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා, ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයාය.

ඊළඟට පිළිවෙළින් දැනට වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා මෙන්ම ජ්‍යෙෂ්ඨත්වය අනුව පිළිවෙළින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අබේසිරි ගුණවර්ධන මහතා, නන්දන මුණසිංහ මහතා, ෆ්‍රෑන්ක් ප්‍රනාන්දු මහතා, රවී විජේගුණවර්ධන මහතා, රෝෂන් ප්‍රනාන්දු මහතා, නිලන්ත ජයවර්ධන මහතා, ලලිත් පතිනායක මහතා හා දේශබන්දු තෙන්නකෝන් මහතා යන නිලධාරින් වෙති.

කෙසේ වෙතත් මාර්තු පළමු සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියද මාර්තු 15 ව්‍යවස්ථාදායක සභාව රැස්වී පොලිස්පති තනතුරට ජනාධිපතිවරයා නිර්දේශ කරන නමට හෝ නම් අතරින් එකකට අනුමැතිය දීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top