Feb 22, 2020

මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවයි

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික් විසිපහට අයත් බලප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් අද (22) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් කැඳවා තිබේ.

ශ්‍රී  ලංකා යුද හමුදාව, ශ්‍රී  ලංකා නාවික හමුදාව සහ ශ්‍රී  ලංකා ගුවන් හමුදාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති බව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, කළුතර පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය, මාතලේ පරිපාලන දිස්ත්‍රික්කය, නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය, ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, මාතර පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, යාපනය පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, කිලිනොච්චිය පරිපාලන දිස්ත්‍රික්කය, මන්නාරම පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, වවුනියාව පරිපාලන දිස්ත්‍රික්කය, මුලතිව් පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, මඩකළපුව පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, අම්පාර පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය, පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කය හා ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරය, අනුරාධපුර පරිපාලන දිස්ත්‍රික්කය, පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කය, බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය, මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කය, රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය සහ කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කයන්හි මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයා මෙසේ ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බව සඳහන් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top