Feb 22, 2020

වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූවන් ලක්ෂ 2 පන්නයි

වියළි කාලගුණයත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් දෙලක්ෂ තිස් දහසකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා පැවසුවේ, කළුතර දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් දෙලක්ෂ පහළොස් දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවය.

පවතින වියළි කාලගුණයත් සමග ඇතැම් ප්‍රදේශවල අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

වියළි කාලගුණයත් සමග පානීය ජලය ලබාගන්නා ජලමූලාශ රැසක් සිදී යමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top