Feb 22, 2020

අනුරාධපුරයට පිළිකා රෝහලක්

වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් යුද හමුදාවේ මුලිකත්වයෙන් අනුරාධපුර, මිහින්තලය ප්‍රදේශයේදී රෝහලක් ඉදිකිරීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු ශාන්ති පදනමේ මූල්‍ය දායකත්වයෙන් හා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම රෝහල ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ මේ සඳහා මුල් ගල් තැබීම සිදු කෙරිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top