Feb 22, 2020

ආණ්ඩු පෙරළියෙන් පසු පුංචි ආණ්ඩුවල අක්‍රමිකතා ඉහල යයි Featured

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලෙස පත්වීම හා නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ප්‍රාදේශීය සභාවල අක්‍රමිකතා ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ ප්‍රාදේශීය සභා හා නගර සභා ඇතුළු පුංචි ආණ්ඩු 130කට වැඩි ප්‍රමාණයක බලය පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වීමය.

මේවන විට අනවසර ඉදිකිරීම් සිදු කිරීම, වංචනික ලෙස ගොඩනැගිලි අනුමැති ලබාදීම ඇතුළු කාරණා රැසක් පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය අනාවරණයන් සිදු කර තිබිණි.

ඒ අතර, පසුගිය කාලයේදී ද දූෂිතම ප්‍රාදේශීය සභාව ලෙස සලකන ලද කැලණිය ප්‍රාදේශීය සභාව පෙරමුණේ සිටින බව පැවසේ. එහි දූෂණ ක්‍රියාවන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේ සහය ලැබී ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර, මැතකදීම දඹුල්ල වෑවල වැව රජයේ රක්ෂිතය හරහා අනවසරයෙන් කිලෝ මීටර් දෙකක මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධ පුවත් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇත.

රක්ෂිතයේ තිබු මායිම් කණු 18ක් ගලවා දමා මේ මාර්ගය ඉදිකිරණ බවද පැවසේ.

එසේම වටිනා ගස් ද කපාදමා ඇති බව වාර්තා වන අතර මේ මාර්ගය ඉදිකරනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ අඹ ව්‍යාපෘතියක් සඳහා බවද පැවසේ.

මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කර ඇත්තේ දඹුල්ල ප්‍රාදේශීය සභාවයි.

කෙස්වුවද, මෙහි ඉදිකිරීම් වන සංරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් විසින් නැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද පැවසේ.

පුංචි ආණ්ඩුවල අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පලව තිබූ වාර්තා කිහිපයක් පහත දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top