Feb 23, 2020

මහ මැතිවරණයට රටින් ඡන්දයගේන්න නාමල් සහ ප්‍රසන්න රට යයි ! Featured

කුවේට්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ශාඛාවේ නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව නාමල් රාජපක්ෂ හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් කුවේට් වෙත ගොස් තිබේ.

ඔවුන් මෙසේ කුවේට් වෙත ගොස් ඇත්තේ ඉදිරි මහ මැතිවරණයේදී එහි සේවය කරන පිරිස් ලංකාවට ගෙන්වාගෙන පොහොට්ටුවට ඡන්දය බැර කර ගැනීම සඳහාය.

ජනාධිපතිවරණයට වඩා විදෙස් රටවල වැඩකරනු ලබන වැඩි පිරිසක් ගෙන්වා ගැනීම ඔවුන්ගේ මෙවර සැලැසුම වී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

මේ අතර, කුවේට් හි නොනිල හමුවේදී නාමල් සිය මංගල සාදයට රහමෙර නොතැබූ නිසා වැඩි පිරිසක් තමාගේ විවාහ මංග්‍යට නොපැමිණි බවද එහි සිටි පිරිසට පවසා තිබේ.

මූලාශ්‍රය - අරුණ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top