Feb 23, 2020

අද විවෘත කරන්න යන හම්බන්තොට අධිවේගය තවම හදනවා (ඡායා) Featured

දක්ෂිණ අධි­වේගී මාර්ගය හම්බ­න්තොට දක්වා ජන­තා­වට පවරා දීම අද (23) පස්වරු 3.00ට මාතර ගොඩ­ගම පිවි­සුම අස­ලදී සිදු කිරීමට නියමිතව තිබියදී එහි නිමා නොවූ ඉදිකිරීම් කටයුතු තවමත් සිදුවෙමින් ඇතැයි වාර්තා වේ.

එහි කොටසක් කාපට්කර ඇත්තේ ඊයේ (22) රාත්‍රියේ බවද අප වාර්තාකරු සඳහන් කළේය.

මෙම අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමි­ත්තෙන් පව­ත්වනු ලබන විශේෂ උත්ස­වය පස්වරු 4.00ට බර­ව­කු­ඹුක (වැටිය) පිවි­සුම අස­ලදී සිදු කිරීමට නියමිතය.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ හා අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­ත්ව­රුන්ගේ අතින් මාර්ගය ජන­තා­වට පවරා දීම සිදු කිරීමට නියමිතය.

තවමත් ඉදිකිරීම් සිදුවන ආකාරය පහත ඡායාරූපවල දැක්වේ.

ඡායාරූප හා සටහන - ඉන්දික ශ්‍රී අරවින්ද 
Hambantota Ex Feb 23 2020 1

Hambantota Ex Feb 23 2020 2

Hambantota Ex Feb 23 2020 3



සබැඳි පුවත්
හම්බන්තොට හයිවේයන ජනපති, අගමැතිගේ වාහන ගාස්තුවලින් නිදහස්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top