Feb 24, 2020

නව රේගු අධ්‍යක්ෂ ජනරාල් වැඩභාර ගනියි

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා අද (24) සිය ධූරයේ වැඩභාරගෙන තිබේ.

රවිප්‍රිය මහතා පසුගිය 19දා මෙම ධූරයට පත් කර තිබුණි.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා,  සිය සේවා කාලය තුළ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ තනතුරු රාශියක් දරා ඇති අතර, ඔහු අවසන් වරට කටයුතු කර ඇත්තේ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ලෙසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top