Feb 24, 2020

කොළඔ ට්‍රැෆික් අඩුකරන්න හමුදා පොලිසියත් එක්වෙයි

කොළඹ නගරයේ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසියට සහාය වීමට අද (24) සිට කොළඹ ප්‍රධාන පිවිසුම් හා පිටවීමේ ස්ථානවල හමුදා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.

“නගරයේ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසියට සහාය වන ලෙස ජනාධිපති රාජපක්ෂ මහතා අපට උපදෙස් දී තිබේ. ඒ අනුව, අද සිට හමුදා පොලිසිය, රථවාහන පොලීසිය සමඟ එක්ව නගරයේ ප්‍රධාන පිවිසුම් හා පිටවීමේ ස්ථානවල, මාර්ග තදබදය උපරිම ලෙස පවතින වේලාවන් හිදී එම රාජකාරි ඉටු කරනු ඇතැයි," යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

(මූලාශ්‍රය : ඩේලිමිරර්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top