Feb 25, 2020

කෝටි 4ක කුඩු එක්ක 6ක් කූඩු

දෙහිවල ප්‍රදේශයේදී රුපියල් කෝටි 4කට අධික හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් 6දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර මාලදිවයින් ජාතිකයන් තිදෙනෙකුද වන බව වාර්තා වේ.

කිලෝ හතරක මත්කුඩු සමඟ මෝටර් රථ දෙකක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.

සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගැනීමට නියමිතය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top