Feb 25, 2020

යලිත් පරිසරය විනාශයි, මීගමු කලපුවේ අලුත්ම ජාවාරමක් ! Featured

මීගමුව කළපුව සංවර්ධනය කරන මුවාවෙන් සිදුකෙරෙන මහ පරිමාණ වැලි ජාවාරමට එරෙහිව කම්මල්තොට සිට කැපුන්ගොඩ දක්වා ධීවර ප්‍රජාව ඊයේ (24) දූවහන්දිය ප‍්‍රදේශයේදී විරෝධතාවයක නිරත විය.

“සංවර්ධනය මුවාවෙන් කරන වැලි ජාවාරම නවත්වනු, කළපුවේ වැලිවලින් ධීවර තොටුපොළවල් සංවර්ධනය කරනු. මීගමු කළපුව අපේ අම්මා, එය විනාශ නොකරනු” යනුවෙන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් එම විරෝධතාකරුවෝ හඬනැඟූහ.

“ධීවර ජනතාවගෙන් අහලා නොවේ කළපුව හෑරීම සිදුකරන්නේ. මේ කළපුව හෑරීම පිටුපස තිබෙන්නේ ලොකු වැලි ජාවාරමක්. අඩි 6ක් යටට හාරනවා. මඩ වැලි, අපද්‍රව්‍ය ඉවත් කරනවා කියලා කළපුවෙන් හොඳ වැලි හාරලා ජාවාරමක් කරනවා. තලාහේන රෝහලේ භූමියට ගෙනගොස් වැලි ගොඩ ගසා රාත්‍රියට වැලි ට්‍රැක්ටරයක් රුපියල් 1500කට හා ටිපර් එකක් රුපියල් 5000කටත් විකුණනවා.

ජාතික ජන අවබෝධ කේන්ද්‍රය නියෝජනය කරමින් සරත් ඉද්දමල්ගොඩ පියතුමා ඇතුළු කතෝලික පියවරුද, කන්‍යා සොහොරියන්ද, ව්‍යාපෘති භාර නේවාසික ඉන්ජිනේරු මධුරංග ප්‍රේමලාල් මහතාද, ගම්පහ දිස්ත්‍රික් සහකාර ධීවර අධ්‍යක්ෂ රංජිත් බණ්ඩාර මහතාද හා ප‍්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක් විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top