Feb 25, 2020

හිටපු ඇමති බෝගොල්ලාගමට අල්ලස් කොමිසමෙන් නඩු දායි

රුපියල් ලක්ෂ පහළොවකට අධික රජයේ මුදල් දූෂිත ආකාරයෙන් පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ව්‍යවසාය හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (25) කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේය.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු ප්‍රවර්ධනය කිරීමට අදාළව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2006 වසරේ ජූනි මස 21 වැනිදා සිට 23 වැනිදා අතර කාලසීමාව තුළ ලන්ඩන් නුවර ප්‍රදර්ශනයක් පවත්වා ඇති අතර එම ප්‍රදර්ශනයට සහභාගි වෙමින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම මහතා භාණ්ඩාගාර චක්‍රලේඛ උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති වරයා නීති විරෝධී ලෙස පොළඹවා හෝටල් බිල් වශයෙන් රුපියල් 1170444/- ක් මුදලක් සහ තවත් 414000/- ක මුදලක් අනුමත කර ගැනීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top