Feb 26, 2020

"පරිපූරක ඇස්තමේන්තුවෙන් ආණ්ඩුව ගහන්න හැදූ ඡන්ද ගේම්” (වීඩියෝ) Featured

ආණ්ඩුව පසුගියදා අතිරේකව රුපියල් බිලියන 367ක මුදලක් සපයා ගැනීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව ආණ්ඩුවේ ඡන්ද ගේම් සඳහා යෙදූ එකක් බවත්, යහපාලන ආණ්ඩුව ලබන අප්‍රේල් මාසය දක්වාම ඡන්දයෙන් සම්මතවූ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බවත්, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියයි සිටී.

2020 අප්‍රේල් අවසන් වෙනතෙක් ඉදිරිපත් කළ එම පරිපූරක ඇස්තමේන්තුවෙන් රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමේ මුදල්, සංවර්ධන වැඩ සඳහා වැයවන මුදල් මෙන්ම ණය ගෙවීමට වැයවන මුදල් ද වෙන් කර ඇතැයි හෙතෙම කීය.

යහපාලන රජය ක්‍රියාත්මක කරන ලද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සංවර්ධන වැඩ සටහන මේ රජය අත්හිටුවීම නිසා එයට වැය කිරීමට සම්මත මුදල් ඉතිරි වියයුතු බවද කිරිඇල්ල මහතා කීය.

පසුගියදා ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබුණේ යහපාලන රජය වෙන් කළ මුදලට අමතරව, රජයේ රහසිගත වැඩපිළිවෙළක් සඳහා රුපියල් කෝටි 1088ක මුදලක් යැයිද ඒ මහතා පැවසීය.

එම යෝජනාවේ කොටස් දෙකක් වූ බවත්, පළමු කොටස සංවර්ධනය සඳහා වැය කළ මුදල් බවත්, එම සංවර්ධන මුදල අනුමත කිරීමට විපක්ෂය එකඟ වූ බවත්, අනුමත කිරීමට එකඟ නොවූයේ ණය සීමාව ඉක්මවා ගොස් අරමුණ පැහැදිළි නොකරන ලද රුපියල් කෝටි 1088ක මුදල සඳහා බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

"මන්ත්‍රීවරු 45න් අපි මාස 8ක් ආණ්ඩු කළා"

මන්ත්‍රීවරු 45න් එක්සත් ජාතික පෙරමුණ මාස අටක් ආණ්ඩු කළ බවත්, වත්මන් ආණ්ඩුවට මාස තුනක කාලයක් ආණ්ඩුව කරගත නොහැකි යැයිද, මන්ත්‍රීවරු 45 ආණ්ඩුවෙන් අයවැයක්ද සම්මත කරගත් බව හිටපු අමාත්‍යවරයා කීය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top