Feb 26, 2020

බන්ධනාගාරයේ කුඩු කේස්, අල්ලස් ගන්නා ජේලර්ලාටත් සොරි වෙයි Featured

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන මාතර කමල් නමැත්තා ඩුබායි රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් මෙරටට කුඩු තොග සහ ගිනිඅවි ගෙන්වීමේ ජාවාරමක නිරතව සිටින බව බුද්ධි අංශ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

 ‍ඇතැම් උසස් බන්ධානාගාර නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් බන්ධනාගාරය තුළ නවීන ජංගම දුරකථන භාවිත කරන ඔහු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින මෙරට අංක එකේ කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකුගේ සහයෙන් මෙම ජාවාරම කරගෙන යන බවද පැවසේ.

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින මෙරට අංක එකේ කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා පසුගිය 2014 වසරේ මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාරගත කෙරුණු අතර ඉන් පසුව ඇප ලැබීමත් සමග අධිකරණය මගහැර ඩුබායි රාජ්‍යයට පැනගොස් ඇති බවද වාර්තා වේ.

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින මාතර කමල් මෙරටට ගෙන්වන කුඩු තොග රටපුරා බෙදා හැරීමේ මහ මොළකරු ලෙස කටයුතු කරන්නේ බඩෝවිට ඉනෝමා නමැත්තා බවටද බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබේ.

දූෂිත බන්ධනාගාර නිලධාරීන් කොටු කරගැනීම සඳහාද රහස් මෙහෙයුමක් දියත් කිරීමට මේ වන විට රජයේ අවධානය යොමුවී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top