Feb 26, 2020

ඉල්ලීම් කිහිපයක් නිසා ගුරුවරු අද ලෙඩවෙයි

අතුරු වැටුප් දීමනාව ලබා දෙන්නැයි ඉල්ලමින් අද දිනයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති පවසයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ වෘත්තිය සමිති 30 කට ආසන්න සංඛ්‍යාවක් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක් වන බවයි.

කෙසේ වෙතත් ගුරු හා විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිවයින පුරා පාසල් රැසක කටයුතු අඩාල වි තිබුණි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමිව බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය අසල සිට ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා අද පෙරවරුවේ පා ගමනක් ද සංවිධානය කර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top