Feb 27, 2020

කැළණිය සරසවියේ CCTV සිද්ධියට 17ක් අත්අඩංගුවට

කැළණිය විශ්ව විද්‍යාලයේ සී සී ටී ටී කැමරා ගැලවීමේ සිද්ධියට අදාලව ස්වාමින්වහන්සේලා දෙනමක් ඇතුලුව 17 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිඛේ.

එම පිරිස අතරින් සිදුවීමට සම්බන්ධ බවට සැක කෙරන ස්වාමින්වහන්සේ නමක් ඇතුලු 4 දෙනෙකු හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

අනෙක් සැකකරුවන් 13 දෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරිබත්ගොඩ පොලිසිය විසින් සිදුකරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top