Feb 28, 2020

රටපුරා ඇති සම්පත් ATM අනාරක්ෂිත බව ITSSL කියයි Featured

දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට වැඩි ඉඩකඩක් සහිත ආරක්ෂක දෝශයක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි.

එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේවන කියා සිටී.SampathBankමේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය තුළ පලව තිබූ සහටහනක් ඉහත දැක්වේ.

මේ සම්බන්ධයෙන් එම මුල්‍ය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීයා දැනුවත් කිරීමට කිහිප වරක් උත්සාහ කරත් ඔවුන් මේ සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත් භාවය හේතුවෙන් එම අවස්තාව ව්‍යර්ථව ගිය බවද එම නිවේදනයේ දැක්වේ.

ඔවුන්ගේ ATM යන්ත්‍රවල පවතින ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි පවා කතිකාවතක් ඇතිවී ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් එම මුල්‍ය ආයතනයේ අවධානය යොමු නොකිරීම ඉතාමත් කනගාටුදායක බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙම මුල්‍ය සමාගමේ ATM යන්ත්‍ර සමග ගනුදෙනු කරන පාරිභෝගිකයන් විසින් එම ATM යන්ත්‍ර වලට ඇතුලත් කරන ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතක දත්ත සොරාගෙන එම පාරිභෝගිකයන්ගේ මුදල් සොරාගැනීමේ හැකියාවක් පවතින බව පැවසේ.

එසේම මෙම ආරක්‍ෂිත දෝෂය යොදාගනිමින් ඕනෑම පුද්ගලයෙකුට මෙම ATM යන්ත්‍රයන්ට අනිෂ්ට විධාන නොහොත් malicious commands එක්කළ හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

මෙම ATM යන්ත්‍ර තවමත් ක්‍රියාත්මක වන්නේ යල්පැනගිය Windows 7 මෙහෙයුම් පද්ධතිය මත බවද එම සංගමය හෙළිකර තිබේ.

මෙවැනි ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් මෙම මුල්‍ය ආයතනය කිසිදු සොයාබැලීමක් සිදුනොකරන බැවින් මෙම මුල්‍ය ආයතනයේ ATM යන්ත්‍ර භාවිතයේදී සැලකිලිමත් වන ලෙස ද එහි පාරිභෝගිකයින්ගෙන් ඔවුන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නිවේදනය පහත දැක්වේ.
Security Vulnerabilities Sampath Letter

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top