Feb 28, 2020

MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ - කෙහෙළිය

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් නොකිරීමට රජය තීරණය කර ඇති බව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අගමැති කාර්යාලයේ ඊයේ (27) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම්. සී. සී ගිවිසුම අධ්‍යයනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ද මේ වන විට ලැබී තිබෙන බවත් ගිවිසුමේ යම් යම් කරුණුවල රටේ ඒකීයභාවයට මෙන්ම අහිතකර යෝජනා තිබෙන බවත් ජනාධිපතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරයා පැහැදිලි පොරොන්දුවක් මේ පිළිබඳව ලබාදුන් බවත් එම නිසා එම්සීසී ගිවිසුම අත්සන් නොකිරීමට තීරණය කළ බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

මේ පිළිබඳව බොහෝ දෙනකු තර්ක කළ බවද රට පාවාදී මුදල් සොයන්න රජය සූදානම් නැති බවද කී කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා නිවැරදි පාලනයක් තුළින් රට හරි මඟට ගැනීමට පුළුවන්කමක් තිබෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top