Feb 28, 2020

සියලු කැබිනට් පත්‍රිකා ජනපතිගේ විමර්ශනයට ! Featured

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන සියලූ කැබිනට් පත්‍රීකා කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇතැයි ජනාධිපති කාර්යල ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව අදාළ කැබිනට් පත්‍රීකා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර විශේෂ අවදානයකට යොමු කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ.

කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පූර්ව කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වේ. 

ඊට අගමැති, ජනපති ලේකම්, අගමැති ලේකම්, මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ කැබිනට් ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගීවේ.

කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන සියලූ යෝජනා මෙහිදී සලකා බැලෙන අතර අත්‍යවශ්‍ය යෝජනා පමණක් ඊට පසුදින පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top