Feb 28, 2020

CCTV සිද්ධියට සිසුන් 25කට වසර 2ක පන්ති තහනමක්

කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබේ.

ඊට අදාළ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර CCTV කැමරා පද්ධති නැවත කඩිනමින් සවි කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

2017/2018 අධ්‍යයන වර්ෂය 2020.02.29 වැනි දිනයෙන් අවසන් වන බැවින් එදින පෙ.ව.8 ට සිට කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලූම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව හෙට (29) වැනිදා පෙ.ව. 8 ට පෙර සියලූම සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවත් පාලානාධිකාරිය දැනුම් දී තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top