Feb 28, 2020

කරන්නාගොඩගේ නඩුවට නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීමක්

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි නඩුවේ ලිපිගොනු ලබන මස 10 වනදා ඉදිරිපත් කරන ලෙස දේශපාලන පලිගැනීම් පිළිබද සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.

අදාල ලිපිගොනු ඊයේ (27) දිනයේ ජනාධිපති කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

තරුණයින්11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පලිගැනීමේ චේතනාවෙන් යුතුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුපවරා ඇති බවට හිටපු නාවික හමුදාපතිවරයා ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පසුගියදා ප්‍රකාශ කර තිබුණේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top