Feb 28, 2020

මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

එළඹෙන මහ මැතිවරණයේදී සිය සන්ධානයට සහය ලබාදීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එකඟත්වය පළ කළ බව සමඟි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ඒ බව පැවසීය.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කියා සිටියේ ජාතික ජන බලවේගයේ පුළුල් සන්ධානයට තම සහය ලබාදීමට පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ ද එකඟතාව ලැබී ඇති බවයි.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණය සඳහා එම පක්ෂයෙන් තරඟ කිරීමට තම මන්ත්‍රී කණ්ඩායම සූදානම් බවද ඔහු එහිදී කියා සිටියේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top