File Photo File Photo
Feb 29, 2020

ළමා අපචාර වීඩියෝව දැමූ පුද්ගලයා හෙළිවෙයි, ළමා අධිකාරිය ඉබි ගමනින් ! Featured

පසුගිය සති කීපයේ දී සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ කුඩා දැරියක අපයෝජනයට ලක්කරන දර්ශන ඇතුළත් වීඩියෝව මුදාහළ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවල ප්‍රතිපලයක් ලෙස මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ගෙන ඇති බව හා මෙම අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේවනවිට දැනගන්නට නොමැති බව හෙතෙම සඳහන් කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව විවේචන එල්ල කළ ද මෙය ළමා අපයෝජන සිදුවීමක් බැවින් මෙය සංවේදී ලෙස විමර්ශන කළ යුතුව ඇතැයි ද ඒ මහතා කීවේය.

අදාළ වීඩියෝවේ සිදුවීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනියකගෙන් ද ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර ඇය විසින් ඉදිරියේ දී තවත් තොරතුරු ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ. 

'රටේ දරුවන්ට වන අපචාර දිනෙන් දින වැඩි වෙලා'

 මේ අතර මාදිවෙල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පරිශ‍්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා වූ තරුණ පෙළගැස්ම සංවිධානයේ නීතීඥ කෞශල්‍යා ආරියරත්න මහත්මිය මෙසේ පැවසුවාය.

 ‘දැන් මේ අන්තර්ජාලයේ සංසරණය වූ අවුරුදු 6ක් පමණ වන බවට විශ්වාස කෙරෙන කුඩා දියණිය අපයෝජනයට ලක් කෙරෙන වීඩියෝව සමාජයේ දැඩි කතාබහට ලක්ව ඇති සමාජ කාරණාවක් බවට ලක්වෙලා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබියදීත් තාමත් මේ සැකකරුවන් අත්අඩංගුවට අරන් නැහැ. මේ පැමිණිල්ලට දැන් මාස එකහමාරක් වෙනවා.අපිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමා හම්බවෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. දැන් මේ කුඩා දැරිය අපයෝජනයට ලක්වෙලා තියෙනවා. ජනාධිපතිතුමා බලයට ආවේ රටේ ආරක්ෂාවට මුල්තැන දෙනවා කියලා. දැන් කෝ ජනාධිපතිතුමනි රටේ ආරක්ෂාව. මේ රටේ දරුවන්ට වන අපචාර දිනෙන් දින වැඩි වෙලා. නිල නොවන අපචාර කොච්චර මේ රටේ සිදුවෙනවාද? "

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top