Feb 29, 2020

රන්ජන්ගේ රෙකෝඩ්ස් පොලිස් මූලස්ථානයට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයාගත් සියලුම දුරකථන සංවාද හඩපට ඉදිරි විමර්ශණ සඳහා ලබන සතියේදී පොලිස් මූලස්ථානය වෙත යොමුකරන බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට අදාල දුරකථන සංවාද හඩ පට ලක්ෂයකට ආසන්න සංඛ්‍යාව පිටපත් කිරීම සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව වාර්තා වේ.

මේ අතර රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවෙන් අදාල හඩපටවල පිටපත් ලැබුනු වහාම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ ඒ පිළිබඳ විමර්ශණ කටයුතු ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානයේ විශේෂ කණ්ඩායම් 11 ක් සූදානමින් සිටින බවද පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top