Feb 29, 2020

කුඩු කිලෝ 3ක් එක්ක 2ක් දැලේ

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ කල වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 257ක් සමග සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එහි වටිනාකම රුපියල් කෝටි තුනක හමාරකට අධික වන බවය.

සැකකරුවන් සමග ත්‍රීරෝද රථයක් ද සිය භාරයට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top