Feb 29, 2020

ඔලිම්පික් ශූරයාට වසර 8ක තහනමක්

ත්‍රිත්ව ඔලිම්පික් ශූර චීන ජාතික පිහිනුම් ක්‍රීඩක සුං යැං හට වසර 8ක තරග තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ 2018 සැප්තැම්බරයේ පැවැත්වූ තහනම් උත්තේජක පරීක්ෂණයක් සම්බන්ධයෙන් බව කියවේ.

ලෝක මත්ද්‍රව්‍ය නාෂක ඒජන්සිය (WADA) ඉදිරිපත් කල අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව ක්‍රීඩා සම්බන්ධ අධිකරණය විසින් මීට ඉහතදී ලබා දී තිබූ තීන්දුවක් වෙනස් කරමින් මෙම තහනම පනවා ඇත.

28 හැවිරිදි යැං මෙම වරදට ලක්වූ දෙවන අවස්ථාව මෙය බැවින් ඒ හේතුවෙන් මෙම  තහනමකට ලක්ව තිබේ.

2012 ලංඩන් ඔලිම්පික් උළෙලේ නිදහස් ආර මීටර් 400 සහ 1500 මෙන්ම 2016 ‍රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 200 නිදහස් ආර ශූරයා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top