මේ ප්ලාස්ටික් බටයෙන් සිදුකෙරෙන්නේ ඇල්කොලයිසරයෙන් බීමත් බව හඳුනා ගනීමෙන් පසුව කොතරම් ප්රමාණයක් ඔහු ඇල්කොහොල් ගෙන ඇත්ද යන්න පරික්ෂා කිරීමයි.
රථවාහන පොලිස් ආරංචිමාර්ග වලින් වාර්තාවන්නේ මේ තත්ත්වය හේතුවෙන් මේදිනවල බිමත් රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම්වලට ප්රමුඛතාව ලබාදීම අත්හැර ඇති බවයි.
බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා යොදාගන්නා ඇල්කොලයිසර් (Alcolizer) යන්ත්ර ශ්රී ලංකා පොලිසියට ගෙන්වා ඇත්තේ ඕස්ට්රේලියාවෙනි.
බීමත් රියැදුරෙක් මෙම යන්ත්රයට ළං කොට එකේ සිට විසි හතර දක්වා ගණන් කිරීමේදී එම යන්ත්රයේ නිල් පැහැති තීරයේ රතු පැහැති සංඥාවක් විහිදෙන්නේ නම් බීමත්ව සිටින බව පෙන්නුම් කරන බවත්, කොළ පැහැති එළියක් විහිදුනේ නම් අදාළ පුද්ගලයා බීමතින් තොරව සිටින අයෙක් බව පෙන්නුම් කරන බවත් පොලීසිය පවසයි.
එසේ බීමත්ව සිටින බව එම යන්ත්රයෙන් සනාථවීමෙන් පසුව එහි ඇති ප්ලාස්ටික් බටයක් බීමත් රියැදුරාට පිම්බීමටදීමේදී එහි දිවෙන මීටරයකින් ඔහු කෙතරම් ඇල්කොහොල් ප්රමාණයක් පානය කර සිටින්නේද යන්න පෙන්නුම කරන බවද පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.
අදාළ පුද්ගලයා බීමත්ව සිටින ඇල්කොහොල් ප්රමාණය එම යන්ත්රයෙන් නිකුත් කරන පත්රිකාවක සටන් වන බවත් එය බීමත් රියැදුරු අතට පත්කොට පොලීසිය ඔහුට විරැද්ධව නීතිමය කටයුතු සිදු කරන බවද පොලීසිය පවසයි.