Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Feb 06, 2017

'ඇමතිවරුන්ගේ සොරකම් නැවැත්විය යුතුයි' - චන්ද්‍රිකා (වීඩියෝ)

පසුගිය රජයේ සොරකම් සෙවීමට පෙර වත්මන් රජයේ සොරකම් නැවැත්විය යුතුව ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.

 අත්තනගල්ලේදී පැවති ශ්‍රී ලනිප රැස්වීමකදී ඇය එබව කියා සිටියාය.

වත්මන් ආණ්ඩුවේ සමහරු කොතරම් හොරකම් කලද එය රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරකම්වලින් දාහෙන් එකක්වත් නැති බව ද ඇය එහිදී සඳහන් කළාය.

ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාපති ආර්යාවද හොරකම් කර අසු වී තිබුණත් අත්අඩංගුවට ගන්න එපා යයි කියා සිටි බවද කී ඇය, නාමල් රාජපක්‍ෂ නමටම ඇති ඩොලර් මිලියන දහසක ඩුබායි බැංකු ගිණුමක් සොයාගත් බවත් කීවාය.

නොරොච්චෝල ව්‍යාපෘතියෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා රුපියල් බිලියන 15ක කොමිස් මුදලක් ගත් බව චීන තානාපති තමන් හා කියූ බවද ඇය එහිදී හෙලි කලාය.

තජූඞීන් ඝාතකයින් අල්ලන්නට දුරකතන ඇමතුම් ලක්‍ෂ 36ක් පිරික්සන්නට සිදුවූ බවත් දැන් එම ඝාතකයින් හෙලිව ඇති බවත් ඇය වැඩි දුරටත් එහිදී කියා සිටියාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top