Mar 17, 2020

"එයාර්පෝට් එකේ ස්කෑනර්වලින් කොරෝනා රෝගීන් හදුනගන්න බෑ"

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපනය කර ඇති ස්කෑනර් යන්ත්‍ර මගින් කොරෝනා හෙවත් COVID 19 වෛරසය ශරීරගත වීම පිළිබඳව දැනගැනීමේ හැකියාවක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම යන්ත්‍රය මගින් උණ පමණක් පරික්ෂාකර දැනගැනීමේ හැකියාවක් පමණක් පවතින බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.

ඒ අනුව ගත වූ මාස දෙක තුළදී විදෙස් රටවලින් පැමිණි කොරෝනා වෛරසය ආසාදිත බවට සැක සහිත කිසිවකු මේ ස්කෑනර් මගින් හඳුනාගෙන නොමැත.

එම ස්කෑනර් යන්ත්‍රය භාවිතා කිරීම පළදායිතා නොවන බව එම සංගමයේ මතය වී තිබේ.

මෙහිදී කොරෝන හෙවත් COVID 19 වෛරසය මැඩපැවැත්වීම සඳහා යෝග්‍යම ඖෂදය වන්නේ අපේ පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම බවත්, බටහිර වෛද්‍ය ක්‍රමය තුළ නිශ්චිත ඖෂදයක් නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුරත් අවධාරණය කළේය.

- ඉන්දික ශ්‍රී අරවින්ද

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top