Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Feb 06, 2017

සනත් පරණ මංගල තෑග්ග අලුත් කරන්න UK ගිහින් Featured

ප්‍රවීන නළු සනත් ගුණතිලක මහතා මේදිනවල උස්වැටකෙයියාව (UK) හා වත්තල අවට ගැවසෙමින් සිටින බව වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී හෙළිවූයේ ඔහු රඟපෑ මංගල තෑග්ග අලුත් කිරීමට ඔහු එම ඉසව්වේ කරක්ගහන බවයි.
 
නොඑසේනම් මීට දශක තුනකට පෙර සනත් ප්‍රධාන චරිතය රඟපෑ මංගල තෑග්ග චිත්‍රපටයේ දෙවැනි කොටස ටෙලිනාට්‍යක් ලෙසින් සකස් කිරීමට සනත් අතගසා ඇති බව හෙළිවිය.
 
කෙසේවුද, මේ චිත්‍රපටයේ දෙවැනි කොටස ඔහු ටෙලියක් ලෙස නිර්මාණය කරනු ලබන්නේ එම චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් වන රවින්ද්‍ර රන්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජයලත් මනෝරත්න, සනෝජා බිබිලේ, රමනී සිරිවර්ධන, සිරිල් වික්‍රමගේ හා මැණිකේ අත්තනායක යන නළු නිළියන්ද දායක කරගෙන බවද පැවසේ.
 
මේ ටෙලියේ තිර රචනය හා අධ්‍යක්ෂණය සනත්ගේම වන අතර සනත් චිත්‍රපටයේ රඟපෑ චන්දනගේ චරිතයද මෙහි නිරූපනය කිරීමට නියමිතය.
 
මංගල තෑග්ග චිත්‍රපටයේ මුල් අයිතිකරු වූ අභාවප්‍රාප්ත එච්.ඩී. ප්‍රේමරත්න මහතාගේ සොයුරු එච්.ඩී. සුනිල්ගේ හා එච්.ඩී.ගේ පුතු මෙහි නිෂ්පාදනයට දායකවන බව වාර්තා වේ.
 
මේ ටෙලියට තවත් ජනප්‍රිය නළු නිළියන් රැසක් එක්වන බවද වාර්තා වේ.
 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top