Mar 18, 2020

"අද සිට සෑම ප්‍රසිද්ධ හංදියකම පොලිස් මාර්ග බාධක දෙකක් දානවා"

අද (18) දිනයේ සිට සෑම ප්‍රසිද්ධ මංසන්දියක් ප්‍රධාන පාරක් ආශ්‍රිතවම පොලිස් මාර්ග බාධක දෙකක් පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා කියයි.

පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මෙය ක්‍රියාත්මක බවත්, ඒ අනුව දිවයිනේ පොලිස් ස්ථාන 499 යේම ස්ථානාධිපතිවරුන්ට මේ බව දැනුවත් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන අයට දන්ඩනීති සංග්‍රහයේ 264 වැනි වගන්තිය යටතේ කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

මෙම මාර්ග බාධක පනවා ඇත්තේ විනෝදගමන් ආදියේ යෙදෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා යැයිද ඔහු කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top