Mar 19, 2020

රතන, දයාරතන, ඥානසාර හිමිවරුන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙති 

අපේ ජන බල පක්ෂය (කොඩිය) යටතේ දුන් නාම යෝජනා දිස්ත්‍රික්ක කිහිපයක තාක්ෂණික හේතු මත ප්‍රතික්ෂේප වී තිබේ.

ඒ අනුව කොළඹ, මොණරාගල කුරුණෑගල යන දිස්ත්‍රික්කවල නාම යෝජනා මෙසේ ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ.

එම ලැයිස්තුවල පක්ෂයේ ප්‍රධානත්වය දැරූ අතුරලියේ රතන හිමිද සිටීම විශේෂ සිද්ධියකි.

ඊට අමතරව ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අක්මීමණ දයාරත්න හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි, ආනන්ද සාගර හිමි, ගාමිණී තිලකසිරි, ප්‍රසන්න සෝලංගආරච්චි ඇතුලු පිරිසක්ද එම ලැයිස්තු වලසිටි බව පැවසේ.

ඔවුන් සියල්ලටද මෙවර මැතිවරණයේ තරග කරන්නට අවස්ථාව අහිමිවී ගොස් තිබේ.

මේ අතර, ඊයේ නාම යෝජනාවලට අත්සන් කළ ජීවන් කුමාරතුංග මහතා අද සිය නාමයෝජනාව ඉවත්කරගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්
රතන හිමිගේ කොඩිය ඥානසාර හිමියෝ කුරුණෑගලින් උස්සන්න යති 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top