Mar 19, 2020

"කොරෝනා ගැන සැලකිලිමත් මදි" 

කොරෝනා වයිරසය  (කොවිඩ්-19)  සම්බන්ධයෙන්  ජනතාව  තවමත් ඒ තරම් සැළකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැතැයි  සෞඛ්‍ය  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසූවාය.

කොවිඩ් -19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරිය මේ බව පැවසූවාය.

රජයට මෙය විසදිමේ හැකියාවක් පවතින බව පැවසිය යුතු බවත් නමුත් රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් යම් වගකිමක් ඇති නිසා විමසිලිමත්ව ක්‍රියා කිරිමට වගබලා ගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසීය.

තමන් නියෝජනය කරන රත්නපුර ප්‍රදේශයේද මේ වන විට රෝගින් 3 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති බවත් එම ප්‍රදේශවලද ජනතාව කඩ සාප්පු වීවෘත කර ගනිමින් අනවශ්‍ය රාජකාරිවල නිරිත වෙමින් මාර්ගවල සැරිසැරිම නිසා මේවැනි ව්‍යසනයකට පත් වු බවත් පැවසු සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ නිසා රජය විසින් පවසන පරිදි ඊට අදාළ නීති වලට යටත්ව කටයුතු කිරිමට වගබලා ගන්නා ලෙසයි.

ප්‍රධාන වශයෙන් අත්‍යාවශයම කටයුතු සඳහා පමණක් නිවසෙන් පිටතට යාමට වගබලා ගත යුතු බවත් කිසිදු විටකදි අනෙකුත් දේ සපයා ගැනිමට නිවසින් පිටතට නොයන ලෙසද අමාත්‍යවරිය අවධාරණය කරයි.

නිමි ඇඳුම් මිල ගැනීම හො වෙනත් අනවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා කිසිදු අවස්ථාවකදි වෙළඳසැල් වලට නොයන ලෙසත් වෙළඳ සැල් හිමියන්ද මෙම අවස්තාවේදි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top