Mar 21, 2020

බැසිල් ස්වයං නිරෝධායනයේ !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නිර්මාතෘ, බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට ලක්වෙමින් සිටියි.

ඔහු එසේ බත්තරමුල්ලේ නිවසට වී ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින්නේ ඔහුගේම තීරණයක් අනුවය. ආසන්න දිනවල දී ඔහු විශාල ජන සමූහයක් සමග කටයුතු කළ නිසා මෙසේ ස්වයං නිරෝදායනය වීමට තීරණය කර ඇත.

ඔහු තම නිවසට යන එන පිරිස් සම්පුර්ණයෙන්ම වලක්වා ඇති අතර නියමිත දින ගණන මෙසේ ගත කරනු ඇත.

මේ සම්බන්ධයෙන් theleader.lk වට්ස් ඇප් කෙටි පණිවිඩයක් (SMS ) හරහා කළ විමසීමකදී ඔහු මෙසේ ප්‍රතිචාර දැක්වා තිබේ.

''Yes. I don’t like to risk anyone.
Party office have been close.
All staff send home.
But working from home.
No family. Only cook and my self.''
මේ අතර මැතිවරණ නාමයෝජනා කටයුතුවලට මැදිහත්වූ ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකුද එසේ ස්වයං නිරෝධායනයකට ලක්වෙමින් සිටිති.

එසේම, කොළඹ රාජකීය -ගල්කිස්ස ශාන්ත තෝමස් මහ ක්‍රිකට් තරඟය නැරඹීමට ගිය දේශපාලනඥයින් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ද මේ දිනවල ස්වයං නිරෝධායනයකට ලක්වෙමින් නිවෙස්වලට ම වී සිටින බව වාර්තාවේ.

(theleader.lk )

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top