Mar 21, 2020

අ’පුර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්: අයෙක් මරුට 4කට තුවාලයි

අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමකින් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබේ.

රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවන් රඳවා සිටින සිර මැදිරියක ඇති වු නොසන්සුතාවයේදී රැඳිවියන් කිහිප දෙනකු පළායාමට උත්සහා කිරීමෙන් මෙම වෙඩි තැබීම සිදු තිබේ.

වෙඩි තැබීමෙන් රැදවියන් පස් දෙනකු තුවාල ලැබූ අතර රෝහල් ගත කිරීමෙන් පසු ඉන් අයෙකු මිය ගොස් ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ විට සිව් දෙනකු මේවන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති .

කිසිදු අයෙකු පැන ගොස් නැති බවත් ආරක්ෂාව තර කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

කොරෝනා යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

ගින්න සහ තතත්වය පාලනය සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරය තුළට ගොස් ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top