Mar 22, 2020

හිටපු මන්ත්‍රීලා 6ක් මහ මැතිවරණයෙන් ඉවතට !

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් සයදෙනෙකු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා ලබාදී නොමැත.

ඔවුන් කිසිදු ජාතික ලයිස්තුවකට ද ඇතුළත් නොවීම විශේෂ සිද්ධියකි.

කරූ ජයසූරිය, සාගල රත්නායක, නිශාන්ත මුතුහෙට්ටිගම, මයන්ත දිසානායක, වසන්ත සේනානායක හා එස්.බී. නාවින්න යන අය එසේ පසුගියවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස සිට මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ පිරිසයි.
හිටපු කතානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම හේතුවෙන් දේශපාලනයෙන් ඉවත්ව සිටීමට තීරණය කර තිබේ.

සාගල රත්නායක මහතාට ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ලවූ විරෝධය හමුවේද, මයන්ත මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණය නිසා ද ඔවුන්ට මෙවර නාමයෝජනා ලබාදී නැති බව පැවසේ.

මේ අතර නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා නොලැබීම නිසා ඔහු ඉවතට විසිව තිබේ.

එසේම ආණ්ඩුවට එක්වූ පොලොන්නරුව නියෝජනය කරමින් පසුගියවර පාර්ලිමේන්තුවට පැමිණි වසන්ත සේනානායක මහතාට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රිකය නියෝජනය කරමින් පාර්ලිමෙන්තුවට පැමිණි එස්.බී.නාවින්න මහතාට ද මෙවර නාමයෝජනා ලැබී නොමැත.

ඔවුන් පොදුජන පෙරමුණේන් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටියේය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක සංඛ්‍යාව 7452ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 3652ක් ද, ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් 3800ක් ද පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත්ව සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් තරග කරනු තරගකරන අතර, එම සංඛ්‍යාව 924කි.

පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 352ක් ද, ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 572ක් කොළඹට තරග කරති.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top