Mar 25, 2020

සේවකයින් නිවාඩු නිසා ‘චූන් පාන්’ අලෙවියට බාධා

බේකරි නිෂ්පාදන නිවෙස්වලට ගොස් අලෙවි කිරීමට අවසර දී තිබුණද මේ වන විට සේවකයන් නිවාඩු ගොස් සිටින නිසා එම කටයුත්ත සියයට පනහකින් අසාර්ථක වී ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

ක්‍රියාත්මක ඇඳිරි නීතිය නිසා බේකරිවල නිෂ්පාදනය නිසි පරිදි කරගෙන යෑමට නොහැකි වී තිබෙන අතර පැය කිහිපයකට පමණක් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් මෙම තත්ත්වය සාමාන්‍ය අතට පත් නොවනු ඇතැයිද ඒ මහතා කීය.

තවත් දින තුන හතරක් මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළහොත් පාන්, බනිස් ඇතුළු පිටි ආශ්‍රිත ආහාර පානවල හිඟය උග්‍ර වනු ඇතැයිද ජයවර්ධන මහතා සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top