එම වෙබ් අඩවියෙන් රුපියල් 380/- කට මිල නියම කර ඇති කිරි පිටි පැකට්ටුවක් විකුණනු ලබන්නේ රුපියල් 560ක මුදලකටය.
www.kapruka.com මීට පෙර සිටම භාණ්ඩ විකුණා ඇත්තේ අධික මිලට බව ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවිය.
එම වෙබ් අඩවියෙන් කිරිපැකට්ටුවක් මිල කර ඇති ආකාරය පහත දැක්වේ.
එසේම ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය තුළ ජනතාවගෙන් දැඩි විවේචන එල්ලව තිබේ.
හෙණ ඉල්ලයි…
දුලිත්
www.kapruka.com හි හිමිකර වන්නේ දුලිත් හේරත් මහතාය.
දුලිත් රාජකීය විද්‍යාලයේ ආදිසිසුවකු වන අතර ඔහු කෙන්ටකි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
ඔහු විසින් www.kapruka.com වෙබ් අඩවිය ආරම්භ කර ඇත්තේ 2002 වසරේදීය.
මේ වෙබ් අඩවියට අමතරව ඔහු 2016 වසරේදී හර්ෂ ලියනගේ නැමැත්තා හා එක්ව Grasshoppers Pvt. Ltd ද ආරම්භ කර ඇති අතර, ඊට අමතරව ඔහු Global-Ecommerce හි ද අධ්යක්ෂවරයෙකි.
කොළඹ පිහිටි Java Lounge අවන්හල් ජාලයේ හිමිකරුවාද වේ.
සුපිරි වෙළඳසැලකටත් චෝදනා !
රජය විසින් ඇඳිරිනීතිය පැනවීම නිසා ජනතාව අත්‍යාවශ්‍ය ආහාරද සපයාගත නොහැකිව අසරණව සිටියදී සුපිරි වෙළඳසැලක් විශාල මිල ගණන් වලට බඩු මල්ලක් සකස් කිරීම සම්බන්ධයෙන්ද ෆේස්බුක් සමාජ ජාලය තුළ චෝදනා එල්ලව තිබිණි.
ඒ සම්බන්ධයෙන් පලව තිබූ පෝස්ටුවක් පහත දැක්වේ.