Mar 25, 2020

කොරොනා බිය නිසා ශ්‍රම හිඟයක් ; ගොවීන් අමාරුවේ

දිවයින පුරා ප්‍රකාශයට පත්කර ඇති ඇඳිරිනීතිය අතරතුරේදී පවා ගොවිතැන් කටයුතු වල නිරතවීමට රජය විසින් අවසර ලබාදීමත් සමග අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීන් සිය අස්වැනු නෙළීම ආරම්භ කර ඇත.

මෙම කාලය තුළදී මෝල් හිමියන්ට මෙන්ම වී ප්‍රවාහනය කරන්නන් හට ද රජය විසින් සිය වැඩකටයුතු සඳහා විශේෂ අවසර ලබාදී තිබේ.

කෙසේවෙතත්, මේ දින වල පැතිර යන Covid-19 කොරෝනාවෛරසය හේතුවෙන් පැතිර යන බිය සමග, අස්වැනු නෙළීම සඳහා අවශ්‍ය කම්කරුවන් සොයා ගැනීමේ දුෂ්කරතාවක් මතු ව ඇතැයි ගොවීන් පෙන්වා දෙයි.

(මූලාශ්‍රය : සන්ඩේ ටයිම්ස්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top