Mar 25, 2020

කොරෝනා සුව වූ දෙවැනි රෝගියාත් IDH රෝහලෙන් පිටව යයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සිටි අයෙකු මීට සුළු මොහොතකට පෙර අයි.ඩී.එච් රෝහලෙන් පිටව ගොස් තිබේ.

වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

මීට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 255 දෙනෙකු රෝහල් 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ රැදී සිටින බව වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top