Mar 25, 2020

පාරිභෝගික අධිකාරිය kapruka.com වටලලා නඩුත් දායි !

පාලන මිලට වඩා වැඩි මිලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම හේතුවෙන් අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කළ හැකි සේවාවක් පවත්වාගෙන යන www.kapruka.com වෙබ් අඩවිය පාරිභෝගික අධිකාරිය විසින් අද (25) දහවල් වටලා තිබේ.

එම ආයනය මගින් රුපියල් 100 කට මිල නියම කර තිබු සැමන් ටින් රුපියල් 550 කටත්, රුපියල් 150 වන බී ලූනූ කිලෝවක් රුපියල් 500 කට, රුපියල් 65 ක් වන පරිප්පු කිලෝව රුපියල් 180 කටත්, රුපියල් 92 ක් වන පාන්පිටි කිලෝව රුපියල් 350 කටද අලෙවි අකර ඇති බවද පාරිභෝගික අධිකාරිය පවසයි.

මෙම අධික මිලයටතේ අලෙවි කළ භාණ්ඩ ලබාගත් පාරිභෝගියන්ට වැඩිපුර ගෙවූ මුදල් යළි ලබා දීමටත් එම වෙළද සමාගම විසින් පාරිභෝගික අධිකාරියට පොරොන්දු වී තිබේ.

ඇදිරිනීතිය පවතින අවස්ථාවේ පාරිභොගිකයින් ගසාකෑම සම්බන්ධයෙන් ආයතනයට එරෙහිව නඩු දැමීමටද පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිල පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ ප්‍රධානී අසේල බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මෙවැනි වංචාවන් සිදුකරනු ලබන අන්තර් ජාල සේවාවන් ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුම්දෙන ලෙසයි.

kapruka.com වැඩිමිලට බඩු විකුණන බව අප වෙබ් අඩවිය විසින් අද(25) පෙරවරුවේ හෙළිකළේය. එම පුවත පහත දැක්වේ.

සබැඳි පුවත්
ජනතාව ගසාකන බවට kapruka.com ට චෝදනා : කෙරුමා දුලිත්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top