Mar 25, 2020

ණය ගෙවන්න කාලය දෙන්නැයි ජනපති ජගත් මූල්‍ය ආයතනවලින් ඉල්ලයි

Covid-19 කොරෝනාවෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති, සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය වාරික කල්දැමීමේ පහසුකම් සලසන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.

බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට එම ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

මෙම සහනය Covid-19 ව්‍යාප්තවෙමින් පවතින රටවල සමාජ දුරස්ථභාවය, මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ පද්ධති කළමණාකරණය සඳහා උපකාරිවනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top