Mar 25, 2020

බැංකු ප‍්‍රධාන ශාඛා විවෘතව තබන්නැයි දැනුම් දෙයි

ආහාර, වෛද්‍ය උපකරණ ආදිය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මුල්‍ය ගනුදෙනු සදහා වාණීජ බැංකුවල ප‍්‍රධාන ශාඛා ඇදිරිනිතිය කි‍්‍රයාත්මක වන කාලසීමාවේදී විවෘතව තබන්නැයි මහ බැංකුව වාණීජ බැංකුවලට දැනුම් දී තිබේ.

ඒ සදහා සේවකයන් පිරිසක් යොදවා ගන්නා ලෙසද මහ බැංකුව දැනුම් දී ඇත.

මේ අතර ඇදිරිනීතිය නොමැති දිනවලදී වාණීජ බැංකු ශාඛා උදේ 8.00 සිට සවස 1.00 දක්වා විවෘතව තබන ලෙසද මහ බැංකුව දන්වා ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top