Mar 25, 2020

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නිවේදනයක්

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර කරයි.

ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙන ඇතර පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු 27 වැනි සිකුරාදා පෙරවරු 6.00ට ඉවත්කර එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්ක වලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය හෙට (26) පෙරවරු 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලැබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් ම තහනම් කර ඇති අතර  විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වේ.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියෙහි නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top