කෙසේවුවද, ඊයේ (25) දිනයේදී මෙරටින් Covid-19 වෛරසය ආසාදිත වූ කිසිවකු වාර්තා නොවීමද විශේෂ සිද්ධියකි.
මේවන විට මෙම වෛරසය ආසාදනය වූ තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේ "දැනට රෝගය වැළඳී ඇති අයගෙන් 03 දෙනෙක් පමණක් තරමක් අසාධ්‍ය තත්ත්වයේ සිටිනවා. අනෙක් අය සාමාන්‍ය තත්ත්වයන් යටතේයි ප්‍රතිකාර ලබන්නේ. අද දිනයේත් රෝගීන් සුව වී රෝහලෙන් පිට කර යැවීමට හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ලැබෙන වෛද්‍ය වාර්තා අනුව. අපි රෝගියෙක් නිවසට පිටත් කරලා යවනකොට ඔහුට ඒ රෝගය නෑ කියලා.. වෛද්‍ය වාර්තා දෙකක්ම තහවුරු කරගෙන තමයි පිටත් කරලා යවන්නේ." යනුවෙනි.
මේ අතර Covid-19 ආසාදිත බවට ශ්‍රී ලංකාවේදී මේ දක්වා හඳුනා ගැනුණු මුළු සංඛ්‍යාව 102 ක්. ඔවුන්ගෙන් 03 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
නිරෝධනය වූ තෙවැනි කණ්ඩායම අද ගෙදර යයි
විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් අද (26) දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතව තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ 163 දෙනෙකු අද දිනයේ නිවෙස්වලට පිටත් කර හැරීමට නියමිත බවයි.
මේ වන විට නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 512 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කර තිබේ.
තවත් තුන්දහසකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල රැදි සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
මියගිය ගණන විසිදහස පසුකරයි
ලොව පුරා කොරෝනා වෛරස අසාදිතයින් 468,644 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන තිබෙන අතර වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 21,283 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
මෙම වෛරසය ආසාදනය වූවන් අතරින් පුද්ගලයන් 114,218 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන් ම සුවය ලබා සිටී.
Covid-19 අද (26) වන විට තත්ත්වය (ග්‍රැෆික් අනුග්‍රහය - දිනමිණ)