Mar 26, 2020

ඇඳිරිනීතිය පැනවීමේ කාලය දික්කරයි

මෙවන විට ඇඳිරිනීතිය ඉවත් කර ඇති ප්‍රදේශවලට අද (26) පස්වරු 2.00 දක්වා දීර්ඝ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී.

මීට පෙර එම ප්‍රදේශවලට ඇදිරිනීතිය මධ්‍යහන 12.00ට යළි පැනවීමට තීන්දු කර තිබිණි.

කොළඹ, ගම්පහ , කළුතර , පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර තිබු ඇඳිරි නීතිය අද (26) උදෑසන 6ට ඉවත් කෙරිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top