Mar 26, 2020

කොරෝනා මැඩලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දායක වෙයි Featured

කෝවිඩ් - 19  හෙවත් කොරෝනා වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අතශාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක‍්‍රීඩකයින් සිය දායකත්වය ලබා දීමට කටයුතු කර තිබේ.

ජාතික රෝහල විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් මෙම උපකරණය මිලදී ගැනීම සඳහා සිය දායකත්වය දැක්වීමට පියවරගෙන ඇත. 

ස්වරාලය හෙවත් උගුර ආශ්‍රිත ප්‍රදේශයේ වූ පටක පරීක්ෂා කිරීම සඳහා යොදා ගැනෙන මෙම ලැරින්ගෝස්කෝප් (Laryngoscopes) නම් උපකරණයෙන් කොරෝනා රෝගීන් පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව පවතින්න උපකරණයක් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top