Mar 26, 2020

වෙළඳ කලාපයේ සේවකයින්හට නිවෙස්වලට යෑමට වරම් ලැබෙයි Featured

දිවයින පුරා පිහිටි සියලුම නිදහස් වෙළඳ කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබේ.

කටුනායක ආයෝජන මණ්ඩලයේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් හා කටුනායක කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී  ඇමතිවරයා මේ බව පැවසීය.

ඇඳිරි නීතිය හේතුවෙන් තවමත් බෝඩිං වල රැදී සිටින එම නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් හමුදාවේ සහ පොලීසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට අද (26) උපදෙස් දී ඇත.
 
හෙට (27) පෙරවරුවේ සිට පොලීසිය සහ හමුදාවේ මැදිහත් වීමෙන් අදාළ  සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සලසන ලෙස ද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top