Mar 26, 2020

තැපැල්පතිගෙන් නිවේදනයක්

ඇදිරිනීතීය ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හීදී අවම වශයෙන් දිනකට පැය දෙකක් සියලු තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කරන ලෙසට තැපැල්පතිවරයා විසින් සියලු තැපැල් ස්ථානයන්ට දැනුම් දී තිබේ.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතු වාහන සහ කාර්ය මණ්ඩලය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අනියුක්ත කරන්නැයිද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

01. ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවෙන අවස්ථාවන්හි දී අවම වශයෙන් දිනකට පැය දෙකක කාලයක් සියලු තැපැල්/උප තැපැල් කාර්යාල විවෘතව තැබීම.

02. අත්‍යවශ්‍ය පාරි‍භෝගික භාණ්ඩ‍ බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සතු වාහන සහ කාර්ය මණ්ඩලය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අනුයුක්ත කිරීම.

03.දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉල්ලා සිටින්නේ නම් මෙහෙයුම් කටයුතු සඳහා තැපැල් කාර්යාල පරිශ්‍රයන් භාවිතයට ‍ගැනීමට ඉඩ සලසා දීම.

04. කොරෝනා වෛරස පාලන කාර්ය සාධන බලකායෙන් ලැබෙන උපදෙස් පරිදි රජයේ රෝහල්වල සායන මඟින් නිකුත් කෙරෙන ඖෂධ රෝගීන් සඳහා නිවෙස් වත රැගෙන ගොස් බාර දීම.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top